නවසීලන්තයේ 'ඔක්ලන්ඩ්' ජීවත් වීමට හොඳම නගරය වෙයි

ජූනි 10, 2021

    නවසීලන්තයේ ඔක්ලන්ඩ් නගරය ලොව ජීවත් වීමට හොඳම නගරය ලෙස ප්‍රකට සගරාවක් වන 'ද ඉකොනොමිස්ට්' මගින් නම් කර තිබේ. එම ශ්‍රේණිගත ලැයිස්තුවට ඇතුළත් සමස්ත නගර සංඛ්‍යාව 140ක්.

    ඔක්ලන්ඩ් නගරයට පසු මිනිස් වාසයට ලොව දෙවනුවට හොඳම නගරය ලෙස නම් කරනු ලැබ ඇත්තේ, ජපානයේ ඔසාකා නගරයයි.

    නගර තුළ පවතින යටිතල පහසුකම්,අධ්‍යාපනය,දේශපාලනික ස්ථාවරත්වය, සෞඛ්‍ය අංශ වැනි කරුණු අදාළ ශ්‍රේණිගත කිරීමට යොදා ගෙන තිබේ.

    'ද ඉකොනොමිස්ට්' සඟරාව වාර්ෂිකව මෙලෙස ශ්‍රේණිගත කිරීමේ ක්‍රියාවලියක් සිදුකරන අතර මෙවර ශ්‍රේණිගත කිරීම්වල දී කොරෝනා වසංගත පාලනය එහි සාර්ථකත්වය පිළිබඳ දැඩි අවධානයක් යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 10 ජූනි 2021 12:57

    Latest News