උක් කර්මාන්තයේ විනෑස්වලින් නිපදවෙන කාබනික පොහොර...

ජූනි 10, 2021

    උක් කර්මාන්තයේ ප්‍රධාන අතුරු එලයක් වන පෙරහන් මඩ හා විනෑස් පරිසරයට හානි නොවන පරිදි භාවිත කර උක් වගාවේ එලදායිතාව වැඩිකර ගැනීමට ගල්ඔය වැවිලි සමාගම සමත්ව තිබේ.

    ගොවීන් පවසන්නේ හිඟුරාන සීනි කර්මාන්තශාලාව මගින් නිෂ්පාදනය කරනු ලබන එම කාබනික පොහොර භාවිතයෙන් උක් වගාවේ අස්වැන්න වැඩි වී ඇති බවයි.

    සීනි නිෂ්පාදනයට ගනු ලබන උක් ඇඹරීමෙන් පසුව එහි ඇති මඩ කොටස් යාන්ත්‍රිකව පෙරහන් මඩ ලෙස වෙන්කර දෙනු ලබයි.

    එමෙන්ම උක් ඇඹරීමෙන් පසු ඉතිරිවන කොටස් බොයිලේරු දහනය සඳහා යොදගන්නා අතර එම අළු සහ මඩ කොටස් කාබනික පොහොර නිෂ්පාදනය සඳහා යොදා ලැබේ. ස්ප්‍රිට් නිෂ්පාදනය කිරීමෙන් පසුව ඉතිරි වන විනෑස් ද කාබනික පොහොර සකස් කිරීම සඳහා යොදා ගනු ලබයි.

    අද වන විට ගල් ඔය වැවිලි සමාගම මෙම අමුද්‍රව්‍ය යොදාගෙන කාබනික පොහොර මෙට්‍රික් ටොන් 7,000කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කරයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 10 ජූනි 2021 12:26

    Latest News