නිරෝධායන නීති කැඩූ 1,057ක් අත්අඩංගුවට

ජූනි 10, 2021

    ගත වූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා මත පුද්ගලයින් 1,057 දෙනෙකු අත්ඩංගුවට ගෙන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    ඔක්තොම්බර් 30 වැනිදා සිට මේ දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති සමස්ථ පුද්ගලයින් සංඛයාව 27,977 ක් බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

    සංචරණ සීමා උල්ලංඝණය කරමින් බස්නාහිර පළාතට ඇතුලුවීමට හා බස්නාහිර පළාතෙන් පිටවීමට උත්සහ කළ පුද්ගලයින් 66 දෙනෙකු ඊයේ දිනය තුළ ආපසු හරවා යැවීමට පොලීසිය පියවර ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සදහන් කළේය.

    Latest News