කාබනික පොහොර ප්‍රචලිත කිරීම රට පුරා ක්‍රියාත්මකයි

ජූනි 09, 2021

    සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව කාබනික පොහොර ප්‍රචලිත කිරීමේ වැඩසටහන මේ දිනවල රට පුරා ක්‍රියාත්මකයි.

    ප්‍රදේශ රැසක ගොවි ජනතාව සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් කාබනික පොහොර වර්ග සහ කාබනික කෘමිනාශක හා වල් නාශක නිෂ්පාදනය කරන අයුරු දැකගත හැක. කාබනික පොහොර භාවිතයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ සිදු කෙරුණු මුං සහ උඳු වගා සාර්ථක වී ඇතැයි ගොවීන් පවසයි.

    හෙක්ටයාර 215ක උඳු සහ හෙක්ටයාර 65ක මුං ඇට වගා කෙරුණේ රජයේ මැදිහත්වීමෙන් හඳුන්වා දෙන ලද කාබනික පොහොර යොදා ගනිමින්. අස්වැන්න පසුගිය වසරවලටත් වඩා සාර්ථක බව ගොවීන් පවසයි.

    Latest News