ගාලු මුවදොර පිටිය නවීකරණය කෙරේ

ජූනි 09, 2021

    කොළඹ ගාලු මුවදොර පිටිය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධීක්ෂණය යටතේ නවීකරණය කෙරෙනවා.

    ඉදිවන නව වෙළෙඳපොලෙහි සංවර්ධන කටයුතු අද(09) උදෑසන වරාය හා නාවුක අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා නිරීක්ෂණය කළේය.

    ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවතින ශ්‍රී ලංකා වරාය කළමනාකරණ හා උපදේශන පුද්ගලික සමාගම (SLPMCS) යටතේ මෙහෙයුම් කටයුතු සිදු කරන ගාලු මුවදොර පිටිය සංවර්ධනය කෙරේ.

    එහි සංවර්ධන කටයුතු නාවික හමුදාව සිදුකරයි. මේ යටතේ ජනතාව වෙනුවෙන් නවතම පහසුකම් රැසක් ඉදිකිරීමට අපේක්ෂිතයි. මේ සඳහා රුපියල් කෝටි 10ක මුදලක් ඇස්තෙමේන්තු කර තිබෙනවා.

    Latest News