නිරෝධායන නීති කැඩූ 755ක් අත්අඩංගුවට

මැයි 31, 2021

    පසුගිය පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 755 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    ඒ අනූව ඔක්තෝබර් 30 වැනි දා සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 18,055ක්.

    බස්නාහිරින් ඇතුළු වන හා පිටවන ස්ථාන 14කදී පුද්ගලයින් 4,463ක් හා ඔවුන් පැමිණි වාහන 2,296 ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර ඉන් එයින් පුද්ගලයින් 84 දෙනෙක් තමන්ගේ ස්ථාන වෙත පිටත් කර යවා තිබේ.

    අද දිනයෙත් මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ. 

    Latest News