නිරෝධායන රීති කැඩූ 829ක් අත්අඩංගුවට

මැයි 28, 2021

    නිරෝධායන රීති කඩකළ පුද්ගලයන් 829ක් ඊයේ (27) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

    බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුළුවන ස්ථාන 14ක පොලිස් මාර්ග බාධක ක්‍රියාත්මකයි.

    එහිදී කිසිදු හේතුවක් නොමැතිව ගමන් කළ රථ 39ක් පොලිස් භාරයට ගෙන ඇති අතර එහි ගමන් කළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබේ. මාතලේ ප්‍රදේශයෙන් 180ක්, නිකවැරටිය 79ක් සහ කොළඹින් 72ක් මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර වෙයි.

    ඒ අනූව මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් 15,595 දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබේ.

    Latest News