"යාස්" ඉදිරි පැය කිහිපය තුළ චණ්ඩ සුළි කුණාටුවක් වන ලකුණු

මැයි 24, 2021

    සක්‍රීය වී ඇති "යාස්" සුළි කුණාටුවේ සෘජු බලෑමට ලක් වනුයේ ඉන්දියාව බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසයි.

    ශ්‍රී ලංකාවට එහි වක්‍ර බලපෑමක් එල්ල වන නිසා නිරිත දිග කොටසේ හෙට සහ අනිද්දා වර්ෂාපතනයේ වැඩිවීමක් අපේක්‍ෂා කරන බව ඔහු පවසයි. නිරිත දිග මෝසම් කාලගුණ තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී. මේ නිසා බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැක.

    Latest News