2020/2021 විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමට අයදුම්පත් භාරගැනීම මැයි 21 සිට ජුනි 11 දක්වා....

මැයි 19, 2021

    2020/2021 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් භාරගැනීම මැයි 21 සිට ජුනි 11 දක්වා සිදු කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

    ඊට අදාළ අත්පොත් විශ්වවිද්‍යාලවලින් හා පොත් හල්වලින් මිලදී ගත හැකිය. මීට අමතරව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ වෙබ් අඩවියෙන් බාගත කර ගැනීමට ද හැකි බව සභාපතිවරයා පවසයි.

    Latest News