නිවැරදි නායකත්වය හා මඟ පෙන්වීම මත තිස්වසරක් පුරා මෙරට වෙලා පැවති එල්ටීටීඊ ත්‍රස්තවාදය 2009 මැයි මස 18 වැනි දින මෙරටින් මුලිනුපුටා දමමින් ත්‍රස්තවාදය මානුෂීය මෙහෙයුමකින් විජයග්‍රහණය කර, මෙම වසරේ මැයි 18 වන දිනට වසර 12ක් සපිරේ.
එම අභිමානවත් විජයග්‍රහණයේ 12 වන සැමරුම වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අනුමැතිය මත නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් නාවික පුද්ගලයින් 1968 දෙනෙක් මෙලෙස අද දින උසස් කිරීම සිදු කෙරිණි.
ඒ අනුව, නාවික හමුදාවේ කපිතාන් නිලයට නිලධාරීන් 04ක්, කොමාණ්ඩර් නිලයට නිලධාරීන් 11ක්, ලුතිනන් කොමාණ්ඩර් නිලයට නිලධාරීන් 27ක්, ලුතිනන් නිලයට එක් නිලධාරියෙකු (01) සහ මධ්‍ය නිලධාරී ලෙස නිලධාරීන් 21ක් වශයෙන් නිලධාරීන් 64 සඳහා උසස් වීම් ලබා දීම සිදු විය. එමෙන්ම පාලක ප්‍රධාන සුළු නිලධාරී තරාතිරමට ජ්‍යේෂ්ඨ නාවිකයින් 109ක්, සමූහ ප්‍රධාන සුළු නිලධාරී තරාතිරමට ජ්‍යේෂ්ඨ නාවිකයින් 218 ක්, ප්‍රධාන සුළු නිලධාරී තරාතිරමට ජ්‍යේෂ්ඨ නාවිකයින් 421ක්, සුළු නිලධාරී තරාතිරමට කනිෂ්ඨ නාවිකයින් 844ක්, නායක නැවි තරාතිරමට කනිෂ්ඨ නාවිකයන් 55 ක්, බල නැවි තරාතිරමට කනිෂ්ඨ නාවිකයන් 193ක් සහ සාමාන්‍ය නැවි තරාතිරමට කනිෂ්ඨ නාවිකයන් 64ක් වශයෙන් ජ්‍යේෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයින් 1904ක් සඳහා උසස්වීම් ලබා දීම සිදු කරන ලදී.
මේ අතර ගුවන් හමුදාවේ නිලධාරීන් 35 දෙනෙකුට ද උසස්වීම් ලබාදුන් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.
එම උසස්වීම් ලබාදීම සිදුකෙරෙන්නේද විජයග්‍රහණයේ 12 වන සැමරුමට සමගාමීවය.