සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව පීඩාවට පත්වූවන්ට සහන සැලසේ

මැයි 15, 2021

    පවතින අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සෞඛ්‍ය මාර්ගෝපදේශමාලාව යටතේ සහන සලසන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා ඒකකයේ ජාතික සම්බන්ධීකාරක වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ අයහපත් කාලගුණ තත්ත්වයක් සමග අවතැන්වන පුද්ගලයින් සෞඛ්‍ය ආරක්ෂිතව රැකබලා ගැනීම සඳහා මාර්ගෝපදේශ නිකුත් කර ඇති බවයි.

    දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික් 7 කට වැඩි බලපෑම් එල්ල වී තිබෙන බවත්, එම දිස්ත්‍රික්වල පවුල් 2,750 කට අයත් පුද්ගලයන් 11,542 දෙනෙකු මේ වනවිට පීඩාවට පත්ව ඇති බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියොජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදිප් කොඩිප්පිලි මහතා පවසයි.

    අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පුද්ගල මරණ 3 ක් වාර්තා වෙයි.

    මේ අතර, අද දිනයේ වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්‍ෂා කළ හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ගිණිකොන දිග අරාබි මුහුද ආශ්‍රීතව පවතින පීඩන අවපාතය මේ වන විට ක්‍රමයෙන් දිවයිනේ මුහුදු වෙරළෙන් ඉවතට ගමන් කරමින් ඇති බවයි, එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

    කෙසේ වෙතත් මැයි මාසයේ අගභාගයේ දී නිරිත දිග මෝසම් වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පවසයි.

    Last modified on සෙනසුරාදා, 15 මැයි 2021 10:59

    Latest News