ඔක්සිජන් හිඟයක් වැළැක්වීමට ඇණවුම් කළ 'ජම්බෝ සිලින්ඩර්' තොගය ලැබෙයි

මැයි 14, 2021

    රට තුළ රෝගීන්ගේ භාවිතය සඳහා ඔක්සිජන් හිඟයක් ඇතිවීම වැළැක්වීමේ අරමුණෙන් ඇණවුම් කළ 'ජම්බෝ සිලින්ඩර' පළමු තොගය අද (14) දිනයේ ලැබුණු බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

    එක් ජම්බෝ සිලින්ඩරයක් තුළ (ඔක්සිජන් වායුව ලීටර්) 5,640ක් ගබඩා කළ හැකිය.

    මේ අතර සිලෝන් ඔක්සිජන් සමාගම කෙරවලපිටිය ප්‍රදේශයේ අලුතෙන් ඉදිකරනු ලබන සිලින්ඩර 13,000ක් දිනකට පිරවිය හැකි යන්ත්‍රාගාරයේ ඉදිකිරීම් කටයුතු ද නිමා වෙමින් පවතින බවයි, රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසන්නේ.

    PHOTO 2021 05 14 16 30 48

     

    Latest News