හෙට (15) සිට වැසි තත්වයේ අඩුවීමක්

මැයි 14, 2021

    පවතින වර්ෂාපතනයේ අඩුවීමක් හෙට දිනයේ සිට අපේක්‍ෂා කරන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, ගිනිකොණ දිග අරාබි මුහුද ආශ්‍රිතව වර්ධනය වූ අඩු පීඩන කලාපයේ බලපෑම පහළ යමින් පැවතීම ඊට හේතු වූ බවයි. මේ අතර, සුමාත්‍රා දූපත් අසළ සිදුවූ භූ කම්පනයෙන් මෙරටට බලපෑමක් නොමැති බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල මෙන්ම මාතර දිස්ත්‍රික්කවල වැසි ඇතිවිය හැක. රත්නපුර, කෑගල්ල, ගාල්ල, මාතර, නුවරඑළිය සහ කළුතර යන දිස්ත්‍රික්කවලට මිලිමීටර 75ක පමණ තද වැසි ඇතිවිය හැක.

    දිවයින හරහා සුළඟේ වේගය පැයට කිලෝ මීටර 40ත්-50ත් අතර දක්වා වර්ධනය විය හැකි බව එම දෙපාර්තමේන්තුව අද නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    Last modified on සිකුරාදා, 14 මැයි 2021 19:12

    Latest News