නිරෝධායනය හා හුදකලා ප්‍රදේශවල ජනතාවට සතොසෙන් සහන මල්ලක්

මැයි 14, 2021

    මේ වන විට නිරෝධායනයට ලක්කර ඇති හා හුදකලා කර ඇති ප්‍රදේශ වල ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 20ක් ඇතුලත් රුපියල් 5000 ක් වටිනා සහන මල්ලක් ලබා දීමට සතොස ආයතනය විසින් කටයුතු සලසා තිබේ.

    අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ උපදෙස් පරිදි ලබාදෙන මෙය ක්‍රියාත්මකයි.

    'කොවිඩ්-19' වසංගත තත්වය හමුවේ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම සහන මල්ල බෙදා හැරීමේ කටයුතු ඒ ඒ ප්‍රදේශයන් අයත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් විසින් සිදු කිරීමට පියවර ගෙන තිබේ.

    ඒ අනුව මෙම භාණ්ඩ ඇතුළත් සහන මලු අදාල දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා නිකුත් කිරීමට පමණක් සතොස අලෙවිසැල් ජාලය හා සමූපකාර අලෙවිසැල් ජාලය විවෘතව තැබේ.

    මෙම සහන මල්ල සඳහා ඇතුළත් වන භාණ්ඩ මෙසේය.

    සුදු නාඩු සහල් 10kg
    හාල්මැස්සන් (තායි) 500g
    දෙවැනි බත 350g රතු කැකුළු සහල් 5kg
    බී ළූණු 3kg
    නූඩ්ල්ස් 1kg පාන් පිටි 3kg
    තේ කොළ 200g
    ක්‍රීම් ක්‍රැකර් බිස්කට් 500g අල(දේශීය) 3kg
    ගම්මිරිස් 100g
    මාරි 300g පැකට් 1 රතු පරිප්පු 2kg
    ලුණු කැට 1kg
    මුහුණු ආවරණ 10 සුදු සීනි කිලෝ 1kg
    මිරිස් කුඩු 200g
    විෂබීජ නාශක දියර 100ml දුඹුරු සීනි කිලෝ 1kg
    සෝයා මීට් 90g පැකට් 02 ක්

    Latest News