නීති විරෝධීව මෙරටින් සංක්‍රමණය වීමට උත්සහකළ 30දෙනෙක් අත්අඩංගුවට

මැයි 14, 2021

    නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පුද්ගලයින් 30 දෙනෙකු නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

    නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව ඊයේ (13) හලාවත, සමිදුගම ප්‍රදේශයේ සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට සූදානම්ව සිටි බවට සැක කෙරෙන පුද්ගලයින් 14 දෙනෙකු, ඔවුන්ට නවාතැන් පහසුකම් ලබාදුන් නිවසක හිමිකරුවකුද සමඟ අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

    නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට සූදානමින් සිටි බවට සැකකෙරෙන මෙම ජාවරමට සම්බන්ධ තවත් පුද්ගලයින් 15 දෙනෙකු අද (14) නාවික හමුදා අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

    මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද ගත් පුද්ගලයින් 30 දෙනා යාපනය, මඩකළපුව, මුලතිව් සහ පුත්තලම ප්‍රදේශයන්හි පදිංචි පිරිමි පුද්ගලයින් වෙයි.

    ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා හලාවත පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

    Last modified on සිකුරාදා, 14 මැයි 2021 18:33

    Latest News