රාමසාන් දිනය අද

මැයි 14, 2021

    ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් අද රාමසාන් උත්සවය සමරයි. පුරා මාසයක කාලයක් උපවාස ශීලය රැකීමෙන් පසු එළඹෙන රාමසාන් උත්සවය,මුස්ලිම් ජනතාවට ආගමික වශයෙන් සුවිශේෂී දිනයක්.

    කොරෝනා වෛරසය වැළැක්වීමේ පියවරක් ලෙසින් ආරක්ෂක හා සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇති මාර්ගෝපදේශ පිළිපැදිය යුතු බැවින් මෙවර රාමසාන් උත්සවය ඉතා චාම් ආකාරයෙන් සමරන ලෙසයි, මුස්ලිම් ආගමික නායකයින්,බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ.

    එම නිර්දේශවලට අනූව රාමසාන් උත්සවය සැමරීම නිවසට පමණක් සීමා වීම, අද දක්නට ලැබිණ.

    රාමසාන් මාසයේ දී ඉස්ලාම් බැතිමතුන් අල්ලා දෙවියන් වෙනුවෙන් කැප විය. "ශුද්ධ වූ අල් කුරානය" අල්ලා දෙවියන් විසින් ලබාදුන් "ලයිනතූර් කත්රි" නමැති ශුද්ධ වූ රාත්‍රියක් ලැබුණු මාසයක් ලෙසයි, රාමසාන් මාසය හැඳින්වෙන්නේ.

    පසුගිය මාසය පුරාම දෙවියන් වෙනුවෙන් කැප වූ ඔවුන් අද "ඊදුල් ෆීතර්" ඉස්ලාමීය ආගමික දිනය සමරයි.

    Latest News