නිල්වලා, කළු ගඟ හා ගිං ගඟ අසළ ජනතාව අවදානයෙන්

මැයි 14, 2021

    පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් නිල්වලා ගඟ,කළු ගඟ, ගිං ගඟේ ජල මට්ටම් ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

    ඒ අනූව, එම ගංඟා අවට පහත් බිම්වල ජීවත්වන ජනතාවට ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ද එම මධ්‍යස්ථානය දන්වයි.

    බුලත්සිංහල, පාරින්ද නුවර, මිල්ලනිය, හොරණ, දොඩන්ගොඩ සහ කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුඩා ගඟ, කළුගඟ, ගංවතුර නිම්නයට අයත් පහත්බිම් ප්‍රදේශවල ජනතාව අද දිනයේ ගංවතුර තත්ත්වයක් සම්බන්ධයෙන් වැඩි අවදානයකින් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

    Last modified on සිකුරාදා, 14 මැයි 2021 14:50

    Latest News