කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සෞඛ්‍ය අංශ වෙත....

මැයි 13, 2021

    කොළඹ දිස්ත්‍රික්කය තුළ කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සහයෝගයෙන් ඉදි කෙරුණු කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන කිහිපයක් අද සෞඛ්‍ය අංශ වෙත බාර දෙනු ලැබීය.

    ඒ අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා විසින්. රත්මලානේ පිහිටි වෘත්තිය තාක්‍ෂණ විශ්වවිද්‍යාලයීය නේවාසිකාගාරය කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කර තිබේ. රෝගීන් 200කට අධික පිරිසකට මෙහිදී එකවර ප්‍රතිකාර ලබාගත හැකියි. අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා විසින් රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජයලත් ගුණතිලක මහතාට නිල වශයෙන් විශ්වවිද්‍යාල පරිශ්‍රය වෙත බාරදෙනු ලැබීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Latest News