සයිනෝෆාම් එන්නත; වයස 60 වැඩි සංකූලතා නොමැති පුද්ගලයින්ට; රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී

මැයි 13, 2021

    සයිනෝෆාම් එන්නත වයස අවුරුදු 60 වැඩි සංකූලතා නොමැති පුද්ගලයින් සඳහා ලබාදීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය.

    අද (13) පැවති කොරෝනා කාර්ය සාධක බලකායේ දී මෙම තීරණය ගත් බව ඇය ප්‍රකාශ කළාය. මේ අතර, කොවිඩ් 19ට එරෙහි ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ පළමු මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගොස් තිබේ.

    ඊයේ දිනය තුළ පමණක් ලබාදී ඇති පළමු හා දෙවන මාත්‍රාවල එන්නත් සංඛ්‍යාව 92,927ක්.

    Latest News