කොස්ගොඩ තාරක වෙඩි වැදීමකින් මරුට....

මැයි 13, 2021

    ප්‍රමුඛ පෙළේ අපරාධකරුවෙකු ලෙස සැලකෙන කොස්ගොඩ තාරක නැමැත්තා මීරිගම ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි වැදීමකින් අද උදෑසන මියගොස් තිබේ.

    පෑලියගොඩ පොලිසියේ අත්අඩංගුවේ පසු වූ සැකකරු, අද පොලිස් නිලධාරීන් විසින් කොස්ගොඩ ප්‍රදේශයට රැගෙන ගියේ ඔහු විසින් සඟවා තිබූ ගිනි අවි සොයා ගැනීමටයි. අනතුරුව ස්නයිපර් ගිනි අවියක් සඟවා තිබූ ස්ථානය පරීක්‍ෂා කිරීම සඳහා මීරිගම ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ සැකකරු හා පොලිස් නිලධාරියෙකු අතර පොර බැදීමක් සිදුව තිබේ.

    එහිදී එම නිලධාරියාගේ ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් සැකකරුට සහ එම නිලධාරියාට වෙඩි වැදී ඇති අතර සැකකරු මියගොස් තිබේ. තුවාල ලැබූ පොලිස් නිලධාරියා වතුපිටිවල රෝහලට ඇතුලත් කෙරිණ. සැකකරු පෙන්වා ඇති ස්ථානයේ තිබී මැගසින් 4ක්, ටී 56 ගිනි අවි 4ක් සහ උණ්ඩ 58ක් පොලිස් බාරයට ගැනිණ.

    Latest News