ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගත්තද, සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදය අනුගමනය කරන්න; විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

මැයි 13, 2021

    කොවිඩ්-19 ට එරෙහිව ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගත්තද, සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදය අනුගමනය කිරීම ඉතා වැදගත් බව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

    ඊයේ දිනය තුළ පමණක් ලබා දී ඇති පළමු හා දෙවන මාත්‍රාවල එන්නත් සංඛ්‍යාව 92,927ක්. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 79,403කට ලබාදී තිබේ. ඒ අනුව, එය මෙතෙක් ලබා දී ඇති සමස්ත පිරිස එක් ලක්‍ෂ 50,606ක්.

    එන්නත්කරණ වැඩසටහන යටතේ ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබාදුන් පිරිසට 3,335ක් අයත්. එය ලබාගත් සමස්ත පිරිස 14,673ක්. කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ 10,189 කට ලබා දී ඇති අතර එය ලබාදුන් සමස්ත පිරිස දෙලක්‍ෂ 31,577ක්.

    Latest News