කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 13ක් අද (12) සෞඛ්‍ය අංශ වෙත....

මැයි 12, 2021

    "සැමට සම සිතින්" තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිවයිනේ ප්‍රදේශ ගණනාවක රෝහල්වල ඉදිකළ කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 13ක් අද සෞඛ්‍ය අංශ වෙත බාර දුන්නේය.

    එම පක්‍ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂ මහතාගේ සංකල්පයකට අනුව මෙය ක්‍රියාත්මක කෙරිණ. මුල්ලේරියාව ශික්‍ෂණ රෝහලේ ඇඳන් 50කින් යුතු කොවිඩ් අතරමැදි ප්‍රතිකාර වාට්ටුවක් ස්ථාපනය කර තිබේ.

    එය අද නිල වශයෙන් රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා වෙත බාර දෙනු ලැබුවේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා විසින්.

    ඇඳන් 50කින් සමන්විත වාට්ටු සංකීර්ණයට අමතරව ඇඳන් 200ක තාවකාලික වාට්ටු සංකීර්ණයක් ද ඉදිවෙමින් පවතී. මේ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැය කර ඇති මුදල රුපියල් කෝටි 6කට ආසන්නයි. වෛද්‍ය උපකරණ රැසක් ද, පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතා රෝහල් අධ්‍යක්‍ෂවරයා වෙත බාර දෙනු ලැබීය.

    අමාත්‍ය සරත් වීරසේකර, මහතා ඇතුළු ජනතා නියෝජිතයන් කිහිප දෙනෙක් ද මේ අවස්ථාවට එක්වූහ.

    Latest News