දින 10ක් ඇතුළත ඇඳන් දස දහසක් - කඩිනම් වැඩසටහන

මැයි 12, 2021

    කොවිඩ් රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා දින දහයක් ඇතුළත ඇඳන් දස දහසක් ලබා දීමේ කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මකයි.

    ඊට මූලිකත්වය ගෙන ක්‍රියා කරන්නේ, අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතායි. ඇඳන් සකස් කිරීමට දිවයිනේ විවිධ ආයතන ඉදිරිපත්ව සිටියි. දඹුල්ල - ඉනාමළුව ජාතික තරුණ සේවා සභාවේ කාර්මික පුහුණුකරුවන් අවශ්‍ය ඇඳන් සකස් කිරීමේ කාර්යයේ නිරතව සිටියි. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ එම ස්ථානය නිරීක්ෂණය කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ද ඊට එක්ව සිටියේය. ඉනාමළුව යොවුන් සේනාංක භූමියේ කොවිඩ්-19 රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා සකසා ඇති මධ්‍යස්ථානය ද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

    එහි එකවර රෝගීන් 130ටක ප්‍රතිකාර කිරීමේ පහසුකම් පවතින අතර එම මධ්‍යස්ථානය රෝගීන් 250ක සංඛ්‍යාවකට ප්‍රතිකාර ලබා දිය හැකි පරිදි සකස් කිරීමට නියමිතයි.

    Latest News