update-හෙට රාත්‍රී 11.00 සිට දිවයින පුරා සංචරණ සීමා

මැයි 12, 2021

    update - හෙට (13) රාත්‍රී 11.00 සිට සඳුදා (17) අලුයම 4.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පැනවෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඒ අනූව, අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යා හැකි බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියි. එම කාලය තුළ දී බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වන එන්නත්කරණ වැඩසටහන දිගටම ක්‍රියාත්මක කෙරෙන බව ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

    ..............................

    (ප.ව 1.00 - අද රාත්‍රී සිට දිවයින පුරා සංචරණ සීමා පැනවෙයි )

    අද (12) රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා කාලය තුළ දිවයින පුරා සංචරණ සීමා පැනවීමට රජය තීරණය කර තිබෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.

    මෙය මැයි මස 31 වැනිදා සිට බලපැවැත්වෙන බවයි, යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

    ඒ අනුව එම කාලය තුළ ගමනාගමන කටයුතු සඳහා අවසර හිමිවන්නේ අත්‍යවශ්‍ය සේවා සහ ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු සඳහා පමණක් බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

    Last modified on බදාදා, 12 මැයි 2021 14:34

    Latest News