'ස්පුට්නික් V' මාත්‍රා ලක්ෂ 6ක් ඉදිරි සති දෙක තුළ දිවයිනට

මැයි 12, 2021

    රුසියාවේ නිෂ්පාදිත 'ස්පුට්නික් වී' එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ඉදිරි සති දෙක ඇතුළත මෙරටට ලැබීමට නියමිත බව, රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

    අද පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කර සිටියේ 'ස්පුට්නික් V' එන්නත ගබඩා කළ යුත්තේ ඍණ 20ක වැනි උෂ්ණත්වයක බවය.

    එම එන්නත ගබඩා කර ඇති ස්ථානයෙන් පිටතට ගෙන පැය 2ක් වැනි කාලයක් තුළ ජනතාවට ලබාදිය යුතු බවත් අමාත්‍යවරයි වැඩිදුරත් සඳහන් කළාය. 

    Latest News