නීලම්මහර හා රත්තනපිටිය ජනතාවට ද අද සයිනොෆාම් එන්නත

මැයි 12, 2021

    බොරලැස්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් වේරහැර දකුණ ජනතාව වෙත සයිනොෆාම් එන්නත මාත්‍රා 600 පමණ ඊයේ ලබා දෙනු ලැබීය. 

    බොරලස්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉනෝකා ලියනගේ මහත්මියගේ මෙහෙයවීමෙන් එන්නත් ලබාදීම සිදු කෙරිණ.

    අද දිනයේ එම ස්ථානයේදීම උදෑසන සිට දහවල් 12.00 දක්වා නීලම්මහර ප්‍රදේශයේ ජනතාවට ද දහවල් 12.00න් පසු රත්තනපිටිය ප්‍රදේශයේ ජනතාවට ද එන්නත් ලබාදීමට නියමිතයි.

    Latest News