නෝර්වුඩ් ඇඟලුම් කම්හලේ කොවිඩ් ආසාදිත තවත් සේවකයින් 6ක්

මැයි 09, 2021

    නොර්වුඩ් ප්‍රදේශයේ පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක තවත් සේවකයින් 06 දෙනෙකුට 'කොවිඩ් 19' වෛරසය අසාදනය වෙයි, ආශ්‍රිතයින් රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකට යොමු කෙරේ.

    මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් ප්‍රදේශයේ පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක තවත් සේවකයින් 06 දෙනෙකුට 'කොවිඩ් 19' වෛරසය අසාදනය වී ඇති බවට (08) දින තහවුරු වී ඇති බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩී.චන්ද්‍රරාජන් මහතා පවසයි.

    එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් පිරිසක් හදිසියේ රෝගාතුර වීම නිසා එම සේවකයින් 05 දෙනෙක් දික්ඔය මුලික රෝහලට ප්‍රතිකාර ලබා ගැනිමට ගිය අවස්ථාවේ සිදු කරන ලද ඇන්ටිජන් පරික්ෂාවකදි එම සේවකයින් 05 දෙනාට 'කොවිඩ් 19' වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු විය.

    එම අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයින් 25 දෙනෙකුගෙන් සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනූව ඉන් සේවකයින් 06 දෙනෙකුට 'කොවිඩ් 19' වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වු බවයි, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කියා සිටියේ.

    නව අසාදිතයන් 06 දෙනාගේ ළගම ආශ්‍රිතයන් 100 දෙනෙකු පමණ හදුනාගෙන ඇති බවත්, එම ආශ්‍රිතයන්ව තම කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකට යොමු කරන ලෙසට එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ පාලන අධිකාරියට උපදෙස් ලබාදුන් බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් පැවසීය.

    Latest News