ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1,939 ක්

මැයි 06, 2021

    මෙරටින් ඊයේ (05) දිනයේ කොවිඩ් ආසාදිතයින් 1,939 දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබේ.

    මෙම ආසාදිතයින්ගෙන් 1897 දෙනෙකු දේශීයව හඳුනාගත් ආසාදිතයින් වන අතර සෙසු ආසාදිතයින් 42ක විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින්ය.

    ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 498කි.

    කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල ,මුල්ලේරියාව , පාදුක්ක ,වැල්ලම්පිටිය ,කැස්බෑව, බත්තරමුල්ල යන ප්‍රදේශවලින් වැඩි වශයෙන් කොවිඩ් ආසාදිතයින් වාර්තා වී තිබේ.

    ඊට අමතරව ගම්පහින් 387ක් සහ කළුතරින් 377ක් ලෙස ආසාදිතයින් හඳුනාගෙන තිබේ.

    මාතලේ 83ක්, පොළොන්නරුවෙන් 78ක්, මහනුවරින් 58ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 50 දෙනෙකු ද ඊයේ වාර්තා වුණි.

    ඒ අනුව මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 117,529 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

    ඒ අතරින් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 16,734කි.

    සමස්ත ආසාදිතයින්ගෙන් 100,075 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටවගොස් තිබේ.

    Latest News