රුසියානු ස්පුට්නික්5 එන්නත අද උදෑසන දිවයිනට (වීඩියෝ)

මැයි 04, 2021
  • රුසියානු ස්පුට්නික්5 (Sputnik V) එන්නත රැගත් ගුවන් යානය අද(04) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට ලඟා විය.

    ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය රුසියානු නියෝජ්‍ය තානාපති ඇලෙක්සි බුදනොව් මහතා සංකේතාත්මකව එන්නත් තොගය භාර දෙනු ලැබීය.

    ආරම්භක පියවර ලෙස එන්නත් 15,000 ක් ලැබුණු අතර ඉදිරි කාලයේ එන්නත් මාත්‍රා මිලියන 13ක් කොටස් වශයෙන් ලැබීමට නියමිතය.

    මේ අවස්ථාවට ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, රුසියානු තානාපති කාර්යාලයේ ඉහල නිලධාරීන්, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    Last modified on අඟහරුවාදා, 04 මැයි 2021 15:29

    Latest News