ඊයේ දිනත් වැඩිම ආසාදිතයින් කොළඹින්

අප්‍රේ 28, 2021

    ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබෙන බව 'කොවිඩ් -19' පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

    කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් ආසාදිතයින් 14ක්, පිළියන්දල 09ක්, රත්මලාන සහ වැල්ලවත්ත යන ප්‍රදේශවලින් ආසාදිතයින් 08 දෙනා බැගින් වාර්තා වී ඇත.

    ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 198 දෙනෙකු වාර්තා විය. බියගම 22ක්, වත්තල 17ක්, ආඬිඅම්බලම සහ කටාන ප්‍රදේශවලින් 11 බැගින් ආසාදිතයින් වාර්තා වී තිබේ.

    කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 119 දෙනෙකු වාර්තා විය. ඉන් 36 දෙනෙක් කුලියාපිටියෙන් ද, පන්නල සහ බිංගිරිය ප්‍රදේශයෙන් ආසාදිතයින් 12 දෙනා බැගින්ද, වාර්තා විය.

    මිට අමතරව, ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 86ක්, කළුතර 70ක්, මොණරාගල 37ක්, මාතර 38ක්, කෑගල්ල 14ක්, බදුල්ල 20ක්, අම්පාර 17ක්, ත්‍රිකුණාමලය 28ක්, අනුරාධපුරය 07, මන්නාරම 01, වව්නියාව 03, මහනුවර 74, නුවරඑළිය 55ක් ලෙස ආසාදිතයින් වාර්තා විය.

    රත්නපුර 15, පුත්තලම 8, යාපනය 9, මාතලේ 32, පොළොන්නරුව 41, මඩකලපුව 08, හම්බන්තොට 15, මුලතිව් 01ක් සහ විදේශගතව සිට පැමිණි පුද්ගලයින් 15 දෙනෙකු ඊයේ ආසාදිතයින් ලෙස හඳුනා ගෙන තිබේ.

    මේ අතර දිනක් තුල මෙරට වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේදී වාර්තා වුවා. ඒ ආසාදිතයින් 1,111ක් ලෙසයි.

    Last modified on බදාදා, 28 අප්‍රේල් 2021 09:57

    Latest News