හලාවත සතොස වසා දැමේ

අප්‍රේ 27, 2021

    කොරෝනා වෛරසය ආසාදිතයෙකු හමුවීම හේතුවෙන් හලාවත නගරයේ පිහිටි සමුපාකාර තොග වෙළදසැළ (සතොස) ඊයේ 26 වැනිදා සවස සිට වසා දැමීමට සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කළේය.

    සතොස හලාවත වෙළෙදසැලේ ගබඩා අංශයේ සේවය කර ඇති ඔහු හලාවත - මැරවල පදිංචි 33 හැවිරිදි අයෙකි.

    එහි සේවකයින් සියළුම දෙනා නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කළ බවද හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යලය සදහන් කරයි.

    Latest News