ඊයේ නව ආසාදිතයින් 997ක්..වැඩිම කොළඹින්

අප්‍රේ 27, 2021

    දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලෙස 997 දෙනෙක් ඊයේ මෙරටින් වාර්තා වූ බව 'කොවිඩ් -19' පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

    එම ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ 173 දෙනෙකු ලෙසයි.

    කොළඹ දිස්ත්‍රික්කයේ දෙහිවල ප්‍රදේශයෙන් ආසාදිතයින් 18ක්, හංවැල්ල 17ක්, මිරිහාන සහ මුල්ලේරියාව ප්‍රදේශවලින් ආසාදිතයින් 13 දෙනා බැගින් සහ වැල්ලවත්ත ප්‍රදේශයෙන් ආසාදිතයින් 10ක් වාර්තා වී තිබේ.

    ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද කොවිඩ් ආසාදිතයින් 170 දෙනෙකු ඊයේ හඳුනා ගැනිණ. ඉන් 17 දෙනෙකු මීරිගම, 16 දෙනෙක් දිවුලපිටිය, 15 දෙනෙක් මැල්ලවගෙදර, 13 දෙනෙක් නිට්ටඹුව, ගම්පහ 12ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

    ඊයේ දිනයේදී ගාල්ල දිස්ත්‍රික්කයෙන් ද කොවිඩ් ආසාදිතයින් 92 දෙනෙකු හඳුනා ගැනිණ. ඉන් 37 දෙනෙකු පොද්දල ප්‍රදේශයෙන් සහ 34 දෙනෙකු රත්ගම ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.

    ඊයේ තවත් ආසාදිතයින් 86 දෙනෙක් මොණරාගල දිස්ත්‍රික්කයෙන් හඳුනා ගැනිණ. ඉන් වැල්ලවාය ප්‍රදේශයෙන් ආසාදිතයින් 46ක්, තණමල්විල 16ක්, ඇතිමලේ 19ක් ලෙස වාර්තා වී තිබේ.

    මේ අතර ඊයේ දිනයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් ද කොවිඩ් ආසාදිතයින් 74 දෙනෙකු වාර්තා වී ඇත. කලුතර 29ක්, හොරණ 14ක් සහ බේරුවල 12ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබේ.

    ඊයේ දිනයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 49ක්, මාතර 32ක්, කෑගල්ල 16, මන්නාරම 02, බදුල්ල 25ක්, අම්පාර 07, අනුරාධපුර 15, ත්‍රිකුණාමලය 59, වව්නියාව 11, මහනුවර 07, නුවරඑළිය 22, රත්නපුර 01, පුත්තලම 22, යාපනය 17, මාතලේ 66, මඩකලපුව 03ක් සහ විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් 45 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනා ගෙන තිබේ.

    පොළොන්නරුව, කිලිනොච්චිය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලින් එක් ආසාදිතයා බැගින් හඳුනා ගෙන තිබෙන බවයි, කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

    Latest News