ඊ‍්යේ නව ආසාදිතයින් 793ක්..මරණ 2ක්

අප්‍රේ 26, 2021

    මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක් ලක්‍ෂ 1,379 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ මෙරටින් ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 793 දෙනෙකු හදුනා ගැනීමත් සමගයි. ඉන් පුද්ගලයින් 94,311 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

    තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 6,424 දෙනෙකු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

    ඊයේ දිනයේද මෙරටින් කොරෝනා මරණ 2 ක් වාර්තා වූ අතර මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 644 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    Latest News