බස්රථවල මගීන් ප්‍රවාහනයේදීත් දැඩි සෞඛ්‍ය නීති

අප්‍රේ 24, 2021

    රට තුළ කොවිඩ් - 19 වෛරස ව්‍යාප්තියේ අවදානමක් පවතින බැවින්, යළිත් මගී ප්‍රවාහන සේවාවන්හි සෞඛ්‍ය නීති දැඩි කිරීමට රජය තීරණය කර තිබේ.

    ඒ අනූව අද සිට ආසන ගණනට පමණක් බස් රථ මගීන් ප්‍රවාහනය කරන්නේ දැයි සොයා බැලීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

    මේ අතර කුරුණෑගල, ගනේවත්ත දුම්රිය ස්ථානයේ අද සිට කිසිදු දුම්රියක් නතර නොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    කොරෝනා ව්‍යාප්තිය හමුවේ ගනේවත්ත අවට ගම්මාන 5 ක් හුදෙකලා කිරීම හේතුවෙන් එම තීරණය ගත් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.

    Latest News