පළාත් කිහිපයකට මි.මී 75 ඉක්මවු වැසි

අප්‍රේ 16, 2021

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇති වේ.

    බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ දී වැසි ස්වල්පයක් ඇති වේ.

    මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකිය.

    ගිඟුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    Latest News