"සිටි බස්"සේවාව ව්‍යාප්ත කිරීමට තීරණයක්

අප්‍රේ 14, 2021

    කොළඹ නගරයේ රථවාහන තදබදයට විසඳුමක් ලබාදීමට හඳුන්වාදුන් "පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටි බස්" සේවාව ව්‍යාප්ත කිරීමට තීරණය කර තිබේ.

    එය ඉදිරි සති කිහිපයේ දී පිළියන්දල 120 බස් මාර්ගයට සහ ගාලු පාරේ, මොරටුව – කොළඹ බස් මාර්ගයට මෙන්ම දිවයිනේ තවත් ප්‍රධාන නගර කිහිපයකටම ව්‍යාප්ත කිරීමට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම්කර තිබේ.

    දැනට කොළඹ ආශ්‍රිත බස් මාර්ග 4ක පමණක් ධාවනයට යොදවා ඇති "සිටි බස්" රථවලින් සැලකිය යුතු ආදායම් ඉපයීමක්ද සිදුවන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේය.

    පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටි බස් සේවාව ඉකුත් ජනවාරි 15 වනදා නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර දැනට එම බස් සේවාව කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට 138, 174, 112 සහ 115 යන බස් මාර්ගවල ධාවනයට යොදවා තිබේ.

    සාමාන්‍ය බස් ගාස්තුව මෙන් එකහමාරක මුදලක් "සිටි බස්" රථයේ අය කෙරෙන අතර ගෙවුණු මාස තුන හමාරක කාලය තුළ ඉන් සැලකිය යුතු ආදායමක් උපයා ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

    Latest News