කරුංකා ප්‍රතිඅපනයනයට ව්‍යාජ ලේඛන සැකසු රේගු නිලධාරියෙක් අත්අඩංගුවට

අප්‍රේ 13, 2021

    ඉන්දුනීසියාවේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද කරුංකා කන්ටේනර් 23ක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත බවට පවසමින් ඉන්දියාවට ප්‍රතිඅපනයනය කිරීමට පරිගණක ආශ්‍රයෙන් ව්‍යාජ ලේඛන සකස් කළ රේගු දෙපාර්තමේන්තුවේ, සහකාර රේගු අධිකාරීවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ ඒකකය මඟින් දැනට මාස කිහිපයකට පෙර මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබු බවය.

    මෙම කරුංකා තොගයේ වටිනාකම රුපියල් මිලියන 300 කට ආසන්න බව සදහන් වේ.

    Latest News