විදේශගත ශ්‍රමිකයන්‌ නොමිලයේ නිරෝධායනය ඇරඹේ

අප්‍රේ 13, 2021

    විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්‌ නොමිලයේ නිරෝධායනය කිවීමේ වැඩසටහන ඊයේ ඇරඹුණා.

    එහි පළමු කණ්ඩායම වැලිගම ප්‍රදේශයේ හෝටල්‌ සංකීර්ණයක්‌ වෙත යොමු කෙරුණා.

    එම පිරිසට පුද්ගලයන්‌ 149 දෙනෙකු ඇතුළත්‌. නිරෝධායන කාලසීමාවේ සියලු වියදම්‌ දරනු ලබන්නේ, රජය විසින්‌. මැදපෙරදිග කලාපයේ ආරක්‍ෂණ රැඳවුම්‌ කඳවුරු හා අනෙකුත්‌ ස්ථානවල මේ වන විට රැඳී සිටින පුද්ගලයන්ට මෙමගින්‌ ප්‍රමුඛතාව හිමි වනවා. කුවෙට්‌ රාජ්‍යයේ සිටින ශ්‍රමිකයින්‌ 6,000ක්‌ පමණ මේ වන විට ලියාපදිංචිව සිටින අතර, ඉන්‌ 4,500ක්‌ පමණ මෙරට පැමණ ඇතැයි, සංචාරක අමාත්‍යාංශය පවසනවා. විදේශගත ශ්‍රමිකයින්‌ අදාළ තානාපති කාර්යාලය හරහා ලියාපදිංචි විය යුතු බවත්‌, ඉන්‌ පසුව ඔවුන්ට නොමිලයේ නිරෝධායන පහසුකම්‌ ලබා ගත හැකි බවත්‌, එම අමාත්‍යාංශය කියා සිටිනවා. නිරෝධායන ක්‍රියාවලිය නොමිලයේ සිදු කිරීම‌ අඛණ්ඩව සිදු කරන බවයි, කම්කරු අමාත්‍ය නිමල්‌ සිරිපාල ද සිල්වා මහනා පවසන්නේ.

    Latest News