රන්වල ප්‍රදේශයේ රිය අනතුරකින් එක් අයෙක් මරුට

අප්‍රේ 13, 2021

    කොළඹ, මහනුවර ප්‍රධාන මාර්ගයේ රන්වල ප්‍රදේශයේදී කුඩා ලොරි රථයක්‌ සහ ලංගම බස්‌ රථයක්‌ අනතුරට ලක්‌ වීමෙන් එක් අයෙකු මියගියා.

    අනතුරු සිදු වූ ස්ථානයේදීම මියගියේ ‌ලොරි රථයේ රියදුරුවරයයි. රථයේ ගමන්‌ කළ අනෙක්‌ පුද්ගලයා බරපතල නන්වයෙන්‌ කෑගල්ල මහ රෝහලට ඇතුලත්‌ කෙරුණා. කුඩා ලොරි රථයේ රියදුරුට නින්ද යාම අනතුරට හේතුව බවයි, පොලිසිය පවසන්නේ.

    ඒ අතර මාතලේ සිට නෝර්වුඩ් බලා අධික වේගයෙන්‌ ධාවනය කළ මෝටර්‌ රථයක්‌ සහ හැටන්‌ සිට‌ කොළඹ දක්වා ධාවනය වූ බස්‌ රථයක්‌ ඊයේ රාත්‍රී අනතුරට ලක්‌ වුණා. අනතුර සිදු වුණේ, හැටන්‌ - කොළඹ ප්‍රධාන මාර්ගයේ, හැටන්‌ ශැනන්‌ වත්ත ප්‍රදේශයේදී, අනතුරින්‌ ජීවිත හානි සිදුව නොමැති අතර, මෝටර්‌ රථයට සහ ලංගම බස්‌ රථයට දැඩි හානි සිදු වුණා.

    Latest News