මෙරට කොවිඩ්19 මරණ ගණන 600 ඉක්මවයි

අප්‍රේ 13, 2021

    තවත් කොවිඩ් පුද්ගල මරණ 04ක් ඊයේ(12) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ඒ සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 600 සීමාව ඉක්මවා ගොස් ඇත.

    ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ 602ක් ලෙස වාර්තා වේ.

    මෙලෙස මරණයට පත්ව ඇත්තේ මහරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, අකුරුස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි කාන්තාවක්, නාරහේන්පිට ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි කාන්තාවක් සහ ගාල්ල ප්‍රදේශයේ පදිංචිව 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

    Latest News