පළාත් කිහිපයකට පස්වරුවේ මි.මී 75 ඉක්මවු වැසි

අප්‍රේ 13, 2021

    දිවයිනේ බොහෝ ප්‍රදේශවලට රාත්‍රියේ හෝ සවස වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තද වැසි ඇති විය හැකිය.

    එමෙන්ම මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පවතී.

    ගිඟුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං හා අකුණු ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    මේ අතර අද (13) දින දහවල් 12.10ට තිකාලි, මලාවි, වන්නිවිලන්කුලම්, ඉදායික්කාඩු සහ ආන්දන්කුලම් යන ප්‍රදේශවලි හිරු මුදුන්ව පවතී.

    Latest News