අඩුආදායම් ලාභීන්ට රජය ලබාදෙන රු.5,000 දීමනාව අද සිට

අප්‍රේ 12, 2021

    කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ පවුල්වලට සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේදී රුපියල් 5000ක දීමනාවක් පිරිනැමීමට රජය තීරණය කර තිබේ.

    අගමැති ලේකම්වරයා විසින් නිකුත් කර ඇති එම චක්‍රලේඛය අනුව සමෘද්ධිලාභීන්, අඩු ආදායම්ලාභීන්, වැඩිහිටි, ආබාධිත සහ වකුගඩු රෝගී දීමනාලාභීන්, සියවස් පූර්ණ වැඩිහිටි දීමනාව ලබන්නන් සහිත පවුල් සඳහා එම දීමනාව පිරිනැමීමට නියමිතයි. 

     අදාළ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන අතර ප්‍රතිලාභි පවුල් තෝරා ගැනීම කාණ්ඩ 07ක් යටතේ සිදු කෙරේ. 

    දීමනාව ගෙවීමේ දී ප්‍රතිලාභී පවුලකට ගෙවීම සිදුකරනු ලබන්නේ එක් කාණ්ඩයක් යටතේ පමණක් බවට අදාළ චක්‍රලේඛය මඟින් දක්වා ඇති අතර ඡන්ද හිමි නාමලේඛනයේ එක් ගෘහ මූලික අංකයක් යටතේ ලියාපදිංවී සිටිය ද එම ගෘහ මූලික ඒකකයේ ප්‍රධාන පවුල් ඒකකයට අමතරව අනු පවුල් වශයෙන් ජීවත්වන පවුල් සඳහා ද ගෙවීම සිදුකෙරේ. 

    ඒ අනූව මේ යටතේ සමෘද්ධිලාභී පවුල් 1,700,000ක්, සමෘද්ධි පොරොත්තු ලේඛනයේ පවුල් 780,000ක්, අභියාචනා පවුල් 726,000ක්, වැඩිහිටි දීමනා ලබන පවුල් 626,000ක්, ආබාධිත පුද්ගල දීමනාව ලබන පවුල් 123,000ක්, වකුගඩු රෝගීන් සඳහා දීමනාව ලබන පවුල් 44,400ක් ඇතුළුව පවුල් ලක්ෂ 40කට සහ ග්‍රාමීය කමිටු හා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ නිර්දේශ අනුව ජීවනෝපාය අහිමි පිරිස් සඳහා මෙම දීමනාව ලබාදීමට රජය පියවර ගෙන තිබේ. 

    Last modified on සදුදා, 12 අප්‍රේල් 2021 10:26

    Latest News