සියලු බැංකු අද විවෘතයි

අප්‍රේ 12, 2021

    අද දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබුන ද එම නිවාඩුව රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලට අදාළ නොවන බැවින් සියලු බැංකු අද විවෘතව තැබෙනු ඇතියි.

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් පවසන්නේ,මේ අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතු ද අද සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවයි.

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සේවාවන් ලබාගැනීමට බලාපොරොත්තු වන ජනතාව 011- 2 677 877 යන දුරකථන අංකය ඔස්සේ වේලාවක් වෙන් කරගන්නා ලෙසට දැනුම් දී තිබේ.

    ඒ අනූව නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල මෙන්ම කුරුණෑගල, ගම්පහ, අනුරාධපුර, යාපනය සහ හම්බන්තොට යන කාර්යාල ද සාමාන්‍ය සේවාවන් සඳහා අද විවෘත කිරීමට නියමිතයි.

    Latest News