තරුණයින් පිරිසක් දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිත ගමනක.....

අප්‍රේ 11, 2021

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිත ලෙස ධාවනය වූ මෝටර් රථයක් සම්බන්ධයෙන් වීඩියෝවක් මේ වනවිට සමාජජාල මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

    මෝටර් රථයක ගමන් කළ තරුණයින් පිරිසක් දොර කවුළුවලින් පිටතට පැමිණ දොරවල් මත හිඳගෙන එලෙස අනාරක්ෂිත ලෙස ගමන්කර තිබුණි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සිට මාතර දක්වා කොටසේ දී, අසල ගමන් කළ තවත් රථයකින් එම සිද්ධිය වීඩියෝගත කර තිබේ.

    අදාළ මෝටර් රථය මහනුවර ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් බවද මේ වනවිට අනාවරණය වී ඇත. එම සිද්ධිය පිළිබඳව ඡායාරූප සහිතව පැමිණිල්ලක් මහාමාර්ග අමාත්‍යාංශය වෙතද ලැබී තිබූ බව මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බවයි.

    Last modified on ඉරිදා, 11 අප්‍රේල් 2021 16:37

    Latest News