වෛද්‍ය වසන්ත දිසානායක මහතා අභාවප්‍රාප්ත වෙයි

අප්‍රේ 11, 2021

    මහරගම අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා අද (11) අලුයම අභාවප්‍රාප්ත විය.

    රෝගී තත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී, වෛද්‍ය වසන්ත දිසානායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ වනවිට ඔහු 58 වැනි වියේ පසුවිය. දීර්ඝ කාලයක් අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ දිසානායක මහතා රෝහලේ දියුණුව වෙනුවෙන් විශාල කාර්ය භාරයක් ඉටු කළේය.

    පිළිකා රෝගීන් කලින් හඳුනා ගැනීම සඳහා වන "පෙට්ස්" ස්කෑන් යන්ත්‍රය මිලදී ගැනීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේ ද, වසන්ත දිසානායක මහතායි. වෛද්‍ය වසන්ත දිසානායක මහතා‍ගේ දේහය පන්නිපිටිය, සෙත්සිරි පෙදෙස පිහිටි නිවසේ තැන්පත් කර තැබීමට නියමිත අතර, අවසන් කටයුතු ලබන 13 වැනිදා පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබේ.

    Latest News