වලව කලාපයේ කෙසෙල් වගාවෙන් සාර්ථක අස්වැන්නක්......

අප්‍රේ 10, 2021

    වලව කලාපයේ කෙසෙල් වගාවෙන් මෙවර සාර්ථක අස්වැන්නක් ලැබී ඇතැයි අප වාර්තාකරු පවසයි.

    "‍සෞභාග්‍යයේ දැක්ම" ජාතික වැඩසටහනට සමගාමීව කලාපයේ හෙක්ටයාර 5,500ක කෙසෙල් වගා කෙරිණ. වලව කලාපයේ ගොවීන් 8,000ක් පමණ කෙසෙල් වගාවට යොමු වී සිටින අතර, මෙවර ඔවුන්ට ඉහළ ආදායමක් ලැබී ඇති බව ඇඹිලිපිටිය මහවැලි අධිකාරිය පවසයි.

    කෝලිකුට්ටු කිලෝවක් රුපියල් 180කට, සීනි ‍කෙසෙල් කිලෝවක් රුපියල් 70කට සහ ඇඹුල් කෙසෙල් කිලෝවක් රුපියල් 50ක් වශයෙන් තොග මිලට අලෙවි කරන බව ගොවීන් පවසයි.

    Latest News