"ගම සමඟ පිළිසඳර" ; හිඟුරක්ගොඩ, රජරට විද්‍යාලයේ නව දෙමහල් පුස්තකාලයේ ඉදිකිරීම් ඇරඹේ

අප්‍රේ 10, 2021

    මැදිරිගිරිය වෙඩිකච්චිය ප්‍රදේශයේ පැවති "ගම සමඟ පිළිසඳර" වැඩසටහනේදී ඉදිරිපත් වූ ඉල්ලීමක් ඉටු කරමින්, හිඟුරක්ගොඩ, රජරට විද්‍යාලයේ යෝජිත නව දෙමහල් පුස්තකාලයේ ඉදිකිරීම් ඊයේ ආරම්භ කෙරිණ.

    ඒ රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. "ගම සමඟ පිළිසඳර" වැඩසටහනේදී හිඟුරක්ගොඩ රජරට විද්‍යාලයේ විදුහල්පති හිමියන් පුස්තකාලයක අවශ්‍යතාව පිලිබඳ ජනාධිපතිතුමා දැනුවත් කළේය. ඒ අනුව ගොඩනැගිල්ලට රුපියල් එක්කෝටි 65 ලක්‍ෂයක් වෙන්කර තිබේ. ඉදිකිරීම් ක්‍රියාත්මක කරනු ලබන්නේ, යුද හමුදා 12 වැනි ඉංජිනේරු සේවා බලකාය විසින්.

    දින 120කදී ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතයි. පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිසක් ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වූහ.

    Latest News