ඊයේ වැඩිම කොවිඩ් රෝගීන් යාපනයෙන්

අප්‍රේ 09, 2021

    අද (09) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 343 දෙනෙකු හඳුනාගෙන ඇත.

    එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 34 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඉතිරි පුද්ගලයින් 309 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 128 ක් ලෙසය. ඊට අමතරව, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 68 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 39 ක් ලෙස වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 74 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වේ.

    ඒ අනුව අද උදෑසන වනවිට, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 89,844 ක් වේ. ඉන් පුද්ගලයින් 89,644 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    එමෙන්ම ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 94,335 ක් වන අතර ඉන් පුද්ගලයින් 91,043 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇති අතර රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 2,699 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබති.

    තවද ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 99 ක් තුළ පුද්ගලයින් 9,899 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

    ඊයේ (08) දිනය තුල PCR පරික්ෂවණ 5,555 ක් සිදුකර ඇත.

    Latest News