අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පොලිස් නිලධාරීයෙකු රිමාන්ඩ්

අප්‍රේ 08, 2021

    රුපියල් දස දහසක අල්ලස් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වැලිවේරිය පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති වරයා හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

    මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙලුම්දෙනිය මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරු හෙට දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළා.

    හෙට දින සැකකරු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලෙසද නියෝග කළා.

    ව්‍යපාරිකයෙකුට හෝටලයක් පවත්වාගෙන යාමට අවශ්‍ය උපකාර කිරීම සඳහා රුපියල් දසදහසක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය ලබාගත්තේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මොහු අත්අඩංගුවට ගෙන තිබුණා.

    Latest News