මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ තරුණයෙක් දැලේ

අප්‍රේ 08, 2021

    මුදල් විශුද්ධිකරණය කිරීමේ සිද්ධියකට සම්බන්ධ රත්මලාන, ධර්මාරාම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙරටින් පලාගොස් සිටින ධර්මසිරි පෙරේරා නමැති අපරාධකරුට අයත් රුපියල් මිලියන 136 ක මුදලක් අදාළ සැකකරුගේ ගිණුමකට බැරකර ඇති බවට තොරතුරු අනාවරණ වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

    ඒ අනුව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරු අද (08) දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

    Latest News